නිල් ජම්පර අකුරැස්සේ : ලංගම බස් නිල් රැලි අස්සේ


නිල් පැහැති රෙදිවලින් ජම්පර මසා අන්දවා සිරුකරුවන් ද දේශපාලන වැඩවලට යොදා ගැනීමට හෙළා දකින බව කැෆේ සංවිධානය කියයි.

අකුරැස්සේ දේශපාලන රැලියක දී සිරකරුවන් 44 දෙනකු මැතිවරණ වේදිකාවක් ඉදි කළ බවද , දෙපාර්තමේන්තුවේ සම්පත් විශාල වශයෙන් ඡන්දයට යොදා ගන්නා බව ද ද, ඒ අතර වේදිකා ඉදි කිරීම, සැරසිලි හා වෙනත් කටයුතු සදහා මානව සම්පත් ලෙස රැදවියන් යොදා ගන්නා බව ද එම සංවිධානය පවසයි.  

මාතර පැවැති එම රැලියට බන්ධනාගාරයේ තූර්ය වාදක කණ්ඩායම, බන්ධනාගාර බස් රථයක් ඇතුඵ වාහන,  කොඩි කණු, රෙදි, සැරසිලි ද යොදා ගෙන තිබුණු බව ද කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මේ අතර පානදුර පැවැති රැලියකට ලංගම බස් විශාල ප්‍රමාණයක් යොදා ගත් බව ද මැතිවරණ නිරීක්ෂකයෝ කියති.

20141214_101823 IMG_2924 IMG_2925 IMG_2926 IMG_2933 Prison1 prison2 prison4