නිල් අහසේ සුළං සැරේ සරුංගලේ වරල් සැළේ



අගෝස්තු නිවාඩුවත් සමඟ ගාලු මුවදොරෙ පිටිය ද  පාට පාට සරුංගල් අතින් ගත් දරුවන්ගෙන් පිරී ඇත.

සරුංගල් වෙළඳුන් සැම තැන සැරිසරයි.

බොහෝ දෙනෙක් සරුංගල් මිළදී ගනිති.  නිවසේ සෑදූ සරුංගල් ඇත්තේ සුළු ප්‍රමාණයකි.සාමාන්‍ය සරුංගලයක  මිල රු. 250 කි.

නාගයන් , වවුලන් ,  මොනරුන් , මාළුවන්  හා කොම්බුවන් ආදි විවිධාකාරයේ සරුංගල් ගාලු මුවදොරෙ නිල් අහසේ සැරිසරයි.