අම්පාර ලාහුගල සෑය සංරක්ෂණය සිදුකිරිමේ දී උතුරු දෙසින් කරඩුවක් හා මැටි පහනක් සොයා ගත් බව නැගෙනහිර පුරාවිද්‍යා අධ්‍යක්ෂ නිල්මල් ගොඩ මහතා කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය ඉදිරිපිට දී එම පුරා වස්තුවලට මුද්‍රා තැබු බව ඔහු පවසයි. නිලගිරි සෑයේ කැණිම් දෙවසරට පෙර ඇරඹිණි.
ලාහුගල වන රක්ෂිතයක තිස් වසරක් තිස්සේ ම අනතුරුදායක පෙදෙසක් විය. කොටි ත්‍රස්තවාදි එහි ගැවසිම එයට හේතුවයි. ක්‍රිස්තු පුර්ව තුන්වන සියවසේ දී කාවන්තිස්ස රජු හා ඉන් පසු රජකළ භාතිකාභය රජු විසින් මහ සෑය කරවන ලදැයි පැවසේ.

![12[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/121.png)
![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/11.png)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/41.png)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/51.png)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/61.png)
![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/71.png)
