(ඉන්දිකා රාමනායක සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය)
පොලිස් නිළ ඇදුමින් ගොස් නිවසක් කොල්ල කෑමට ගොස් සිටි පාර්ලිමේන්තු කොට්ඨාසයේ කොස්තාපල්වරයකු ඇතුල් තිදෙනකු වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකාර කොස්තාපල් ඇතුලු තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහි වුවන් බවද පොලිසිය පවසයි.
මොවුන් තිදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ල කෑමට ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය පානයට මුදල් සොයා ගැනීම සදහා මොවුන් කොල්ලකෑමේ නිරත වී ඇති බවද පොලිසයි සැකකාර කොස්තාපල් වැඩිතහනමට ලක්කර ඇත.

