නිල ඇඳුම් වවුචර් පත් ක්‍රමය ලබන වසරේදීත්


(අජන්ත කුමාර අගලකඩ)

රජයේ පාසල් හා පිරිවෙන්වල සිසුන්ට ලබන වසර සඳහා ද නිල ඇඳුම් වවුචර් පත් ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

රජයේ පාසල් හා පිරිවෙන්වල සිසුන්ට දුන් නිල ඇඳුම් රෙදි වෙනුවට 2015 වසරේ සිට වවුචර්පත් ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබීය.

එහෙත් ලබන වසරේ වවුචර් පත් වෙනුවට නිල ඇඳුම් රෙදි බලාදීමට රජය තීරණය කර ඒ සඳහා මිල ගණන්ද කැඳවනු ලැබීය.

රජය එම තීරණය ගත්තේ දේශීය රෙදි නිෂ්පාදකයන්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් වුවද මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ ආයතන 4 කින් පමණක් බැවින් ලබන වසර  සඳහාද නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර්පත් ලබාදීමට තීරණය කර ඇත.