නිල ඇඳුම් නැතිව කඳුළු ගෑස් ගැසුවාට පරීක්ෂණයක්


රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟයේදී ඇතිවූ ආරවුලේදී නිල ඇඳුමින් සැරසී නොසිටි පොලිස් නිලධරයකු බව කියන කෙනකු කඳුළු ගෑස් ගැසීම ගැන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

නිල ඇඳුම ඇති පොලිස් නිලධරයකුට හැර නිල ඇඳුම නැති පොලිස් නිලධරයකුට කඳුළු ගෑස් ගැසීමේ අවසරය නැතැයි පොලිස් නීති රීති පෙන්වා දෙයි.