නිල ඇඳුමට වවුචර් එපාලු


ලබන වසරේ සිට පාසැල් නිල ඇඳුම් වලට රෙදි ලබාදීම වෙනුවට මුදල් වවුචරයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණයට ලංකා ගුරු සංගමය විරෝධය පළකරයි.

එම සංගමයේ සභාපති ප්‍රියත්න ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙසේ වවුචර බෙදීමට යාමෙන් ගුරුවන්ගේ මෙන්ම විදුහල්පතිවරුන්ගේ රාජකාරි වලට බාධා ඇති වන බවයි.

දුෂ්කර පෙදෙස් වල වෙසෙන දරුවන්ගේ දෙමව්පියන් මෙම මුදල් වවුචර නිවසේ අගහිඟකම් පියවා ගැනීමට යොදාගතහොත් එයින් අවාසියක් වන්නේ එම දරුවන්ටම බව ඔහු කියයි.

නිල ඇඳුම් ලබාදීමේදී පැනනගින ගැටලු වලට විසඳුමක් ලෙස මෙම වවුචර ක්‍රමය හඳුන්වාදීමට අමාත්‍යංශය තීරණය කර ඇතත් එය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු රැසක් පැන නගින බව ඔහු පවසයි.