නිරූපිකාවක් වීමේ සිහිනය සපුරාගෙන සිටින ඇය සිත්මි


2016-09-19-ent-59

පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අතර, නිරූපිකාවක් වීමේ සිහිනය සපුරාගෙන සිටින ඇය සිත්මි උමේෂා සොනාලි වෙයි. ඇයගේ ඉදිරිකටයුතු පිළිබඳව අපත් සමග පැවැසුවේ මෙවැන්නකි.

 

ඔබ ගැන තොරතුරු ටිකක් කිව්වොත්?

2016-09-19-ent-61මම සිත්මි උමේෂා සොනාලි. ඉන්නේ බොරැල්ලේ. දැනට මම පෞද්ගලික ආයතනයක සේවය කරනවා.

 

නිරූපණය කරන්නේ ඇයි?

ආසාවක් තිබුණා නිරූපිකාවක් විදිහට වැඩ කරන්න. ඒ නිසා රැකියාව කරනවත් එක්ක ඉඩ ලැබෙන වෙලාවට නිරූපණ වැඩවලට දායක වෙනවා.

 

නිරූපණ කටයුතු රැකියාවට බාධාවක් නැද්ද?

නැහැ. රැකියාව කරනවත් එක්කම නිරූපණ වැඩත් සමබරව කරගන්න පුළුවන්.

 

මොකද හිතන්නේ නිරූපණය ගැන?

හොඳ ක්ෂේත්‍රයක්. හැබැයි කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ.

 

නිරූපණයෙන් වැඩකටයුතු සඳහා දායක වුණ දේවල් කිව්වොත්?

ෆොටෝ ෂූට්, මියුසික් වීඩියෝ සඳහා ඉඳලා තියෙනවා. ලැබෙන ඉඩත් එක්ක ඉදිරි වැඩකටයුතු සඳහා ඉදිරිපත් වෙනවා.

 

ඉදිරි කටයුතු කිව්වොත්?

ඉදිරියේදී තව නිරූපණ කටයුතු වෙලාවට එකතු වෙනවා. මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න මට පුළුවන් කියලා හිතනවා. ඒ නිසා මට පුළුවන් උපරිමයෙන්ම සාධාරණයක් මේ ක්ෂේත්‍රයට කරනවා. ඒත් එක්කම රැකියාවත් කරනවා.

 

2016-09-19-ent-60
2016-09-19-ent-58
2016-09-19-ent-57