නිරූපණයට වගේම රංගනය කැමැත්තක් දක්වන මධුසංඛ


2017-02-06-ent-45

ව්‍යාපාරික වෘත්තියක නියැළෙමින් තම විනෝදාංශයක් ලෙස නිරූපණ කටයුතු සිදුකරන මොහු රූපරචනා කිහිපයකට දායකවී තිබේ. දුල්ෂාන් මධුසංඛ නම් වන ඔහුගේ ඉදිරි කටයුතු පිළිබඳව කතාබස් කිරීමට ‘සාරවිට’ සමගින් මෙලෙස සම්බන්ධ විය.

 

ඔබ ගැන මුලින්ම හැඳින්වූවොත්?

2017-02-06-ent-50මගේ නම දුල්ෂාන් මධුසංඛ

 

රැකියාවක් කරනවාද?

ඔව් කරනවා. ව්‍යාපාරයක් කරනවා. ඊට අමතරව නිරූපණ, සංගීතය විනෝදාංශයක් විදිහට කරගෙන ඉන්නවා.

 

ව්‍යාපාරික කටයුතුත් එක්ක මොඩලින් කරන්න කාල වේලාව තියෙනවාද?

ගොඩක් දුරට කාලය අඩුයි. ඒත් කොහොම හරි කරනවා.

 

නිරූපණයට එකතු වුණේ කොයි කාලේද?

දැනට අවුරුදු දෙකක් විතර වෙනවා. ක්ෂේත්‍රයට ඇවිල්ලා. මිනිස්සු අතර රසිකයෙක් වෙන්න ගොඩක් ආසයි.

 

දැනට දායක වෙලා තියෙන වැඩකටයුතු?

දැනට Model Ramp 10ක් වගේ කරලා තියෙනවා. මියුසික් වීඩියෝ එකක් කරා. තුනක් එන්න තියෙනවා. රුක්මන් අසිතගේ ගීතයක් එළිදැක්වුණා.

ඊට අමතරව වෙළෙඳ දැන්වීම සඳහා දායක වෙලා තියෙනවා. මංගල විලාසිතා දැක්මන් සඳහා දායක වෙලා තියෙනවා. ඉස්සරහට ටෙලිනාට්‍යයකින් ප්‍රේක්ෂකයන් අතරට බලාපොරොත්තු වෙනවා.

 

ඒ කියන්නේ රංගනයටත් කැමැතියි කියන එකද?

ඔව්. මම රංගනය සඳහාත් ගොඩක් කැමතියි.

 

අවස්ථා ලැබුණෙ නැද්ද?

අවස්ථා නම් ලැබුණා. නමුත් කාල වේලාව නැති නිසා බැරි වුණා.

 

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් හොඳයි කියලා හිතෙනවා.

 

ඉදිරි බලාපොරොත්තු?

නිරූපණ ජීවිතේ සහ පෞද්ගලික ජීවිතේ ඉදිරියටත් සමබරව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

මං මුලින්ම මතක් කරන්න ඕනා නික් ජයමහ නිරූපණ ගුරුවරයාව සහ මිස් ශ්‍රී ලංකා වුණා මයුමි අක්කාවයි. මට මේ තැනට එන්න උදවු කරපු හැමෝටම ගොඩක් ස්තූති කරනවා. මගේ Model Class එකේ මගේ යාළුවෝ ඔක්කෝටමත් මම මේ වෙලාවේ ස්තූති කරනවා.

 

ඡායාරූප - දිශ්ණ ධර්මරත්න

 

 2017-02-06-ent-49
2017-02-06-ent-48
2017-02-06-ent-47
2017-02-06-ent-46