නිරුවත් වීඩියෝ හැදු හිමි නම රිමාන්ඩ්


තරුණියන් දෙදෙනකුගේ නිරුවත් වීඩියෝ දර්ශන ඇතුළු කැර සංයුක්ත තැටියක් හැදු බව කියන  බෙන්තොට රන්දාගොඩ පන්සලක  විහාරාධිපති බව කියන පානදුරේ චන්දිම (34) යළි  අගොස්තු 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි බලපිටිය මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.

හිමි නම වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සසංක ජයසේකර මහතා පැවසුයේ චන්දිම හිමියන් ආගමික හා සදාචාරත්මක වරදක් කැර ඇති නමුත් නෛතික වරදක් කැර නැති බවයි.

චන්දිම හිමියන්ගේ පරිගණකයේ අඩංගු දෑ ගැන විශේෂඥ, වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත් වරයා නියෝග කළේය.