නිරිත දිග චීනයේ චොන්ග්ක්වින් නුවර සහ කොළඹ අතර ප්‍රථම නිත්‍ය බලපත්‍රලාභී ගුවන් සේවාවක් හඳන්වා දෙමින් චීන ජාතික සංචාරකයෝ 140 ක් රැගත් ප්‍රථම ගුවන් යානය අද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට ලඟා විය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතේදී චොන්ග්ක්වින් සිට මෙරටට පැමිණි ප්‍රථම චීන ජාතික සංචාරක කණ්ඩායම මල් දම් පළඳවා ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
චොන්ග්ක්වින් හූවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගමේ මෙරට එකම නියෝජිතයා වන වෝකර්ස් ටුවර්ස් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග එක්ව මෙම නව සේවාව ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඒ 320 වර්ගයේ ගුවන් යානා මෙම නව සේවාව සඳහා යොදා ගැනේ.
මෙම සහයෝගීතාව සීග්‍රයෙන් ඉහළ යන චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් සේවාවන් සඳහා වන ඉල්ලුම සපුරාලීම සඳහා මනා පිටුවහලක් වන ඇතැයි ශ්‍රී ලංකන් ගුව්න සමාගමේ ප්‍රධාන විධායන නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා පැවසීය.
එසේම ජෝන් කීල්ස් ව්‍යාපාර සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශ ප්‍රධානී විධායක උප සභාපති වසන්ත ලීලාන්නද මහතා පැවසුවේ සිවුආන් ප්‍රාන්තය ආවරණය කෙරෙන නිරත දිග චීනයේ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා චොන්ග්ක්වින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සමාගම සමග එක්වන්නට ලැබීම ගැන සතුටු වන බව පැවසීය.
මෙම නව සේවාව චොන්ග්ක්වින් වලින් බැහැරව නව කේන්ද්‍රස්ථානයක් විවර කිරීමට අවස්ථාව උදාකර දෙන අතර මේ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම දක්වන සහයෝගය අගය කරන බවත් පැවසුවේය.

