ශ‍්‍රී ලංකාවේ මෙන්ම සාර්ක් කලාපයේ රටවල නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් ශල්‍යකර්ම ප‍්‍රමාද වීම නිසා මහජනතාව ගැටළු රැසකට මුහුණ දී සිටින හෙයින් එම ක්ෂේත‍්‍රයෙන් වෛද්‍යවරුන් බිහිකිරීමේ හදිසි අවශ්‍යතාවක් ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. සාර්ක් කලාපීය රටවල නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංගමයේ 12 වන මහා සභා රැස්වීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනාධිපති සිරිසේන මහතා එසේ පැවැසීය.
සාක් කලාපීය රටවල නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ මෙම සමුළුව පැවැත්විණි.
“ශ‍්‍රී ලංකාවට මෙම අංශයේ වෛද්‍යවරුන් 300 ක් පමණ අවශ්‍යවක් තිබුණත් දැනට සිටින්නේ 140 ක් වැනි ප‍්‍රමාණයක්. මෙම සමුළුව කලාපීය සංවර්ධනය සඳහා වන ක‍්‍රමෝපායන් වැඩිදියුණුකර ගැනීම උදෙසා වන සමුළුවක් විය යුතුයි“
“මෙමගින් පුහුණු කිරීම්, ඖෂධ හා උපකරණ වල ගුණාත්මකභාවය පවත්වා ගත යුතුයි. සෑම වසර දෙකකට වරක් පවත්වන සාර්ක් හමුවීම නිවැරදි දිශාවට තබන ලද පියවරක් ලෙස හැඳින්විය හැකියි“ යයිද ජනාධිපති සිරිසේන මහතා පැවැසීය.

