නිර්මාතෘට උපහාර පුදයි


ශ්‍රි ලංකා නාවික හමුදා ඇරෝ යාත්‍රා සෙඩ්රික් යාත්‍රා නමින් හැදින්වීමට යයි.

නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝනයේ සම නිර්මාතෘ දිවංගත කමාන්ඩර් සෙඩ්රික් මාර්ට්න්ස්ටයින්ට උපහාර ලෙස මේ තීරණය ගෙන ඇත.

පසුගිය ඔක්තෝම්බර් 05 වැනිදා ඔහු 70 වියට එළෙඹියේය.

ඔහුට උපහාරයක් ලෙස නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ උපදෙස් මත ඇරෝ යාත්‍රා සෙඩ්රික් යාත්‍රා වශයෙන් නම් කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදාපතිවරයා සහ සෙඩ්රික් මාර්ට්න්ටයින් යන මහත්වරු 1993 වසරේ ඔක්තෝම්බරයේ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය ස්ථාපිත කළහ.

මේ බලඝනය පිහිටවීමට මහා බ්‍රිතාන්‍ය රාජකීය විශේෂ යාත්‍රා බලඝනය හා එක්සත් ජනපදයේ සීල් විශේෂ යාත්‍රා ඒකකය පදනම් වූ බවද නාවික හමුදාව සඳහන් කරයි.

SLNAVY-1009-01 SLNAVY-1009-02 SLNAVY-1009-03 SLNAVY-1009-04 SLNAVY-1009-05 SLNAVY-1009-06