විරහ රැල්ලෙන් ඔබ්බට යමින් ඔහු වෙනත් වූ නිර්මාණශීලී පැතිකඩ ඔස්සේ ගීත ක්‍ෂේත්‍රයට පිවිසි සිටියි. නමින් රුක්ෂාන් සචින්තය. ශ්‍රී ලංකාවේ අඩුම වියදමින් සිදුකළ Music Video හි හිමිකරු වන්නේද මොහුය. ඒ හා ඔහුගේ විස්තර ‘සාරවිට’ පැවසුවේ මෙලෙසිනි.
රුක්ෂාන් සචින්ත
මොනවා කරන්නේ?
දැන් ජපානේ ටෝකියා වල IT Engineeringවලට ඉගෙන ගන්නවා.
එතකොට කලාවට එකතු වෙන්නේ?
පොඩි කාලේ ඉඳන් කලාවට ආසාවක් තිබ්බා. වාදනයට තමා ගොඩක් දක්ෂ. ගායන ක්ෂේත්‍රයට එන්නේ 2014 ඉඳන්
දැනට ගීත කරලා තියෙනවාද?
ඔව්
ඒ ගැන කිව්වොත්?
ගීත. 2 release කරලා තියෙනවා. පළමු ගීතය ‘අම්මේ මා ආදරේ’, දෙවැනි ගීතය ‘දිනවයි මේ ලොවේ. දිනවයි මේ ලොවේ’ ගීතය එවකට තිබුණු ලංකාවේ අඩුම වියදමකින්. කරපු මියුසික් වීඩීයෝ එක (වියදම රුපියල් 500/- ). වීඩියෝ. එක කරේ hand Phone එකෙන්. දැනට සිංදු 4 එන්න තියෙනවා. ඒකෙන් එක සිංදුවක් මේ එන පෙබරවාරි 4 නිදහස් දවසේ Release කරනවා. ඒකේ නම ‘ශ්‍රී ලංකා මෑණියයි’
ඔබ විවිධ වූ තේමාවන් යටතේ ගීත නිර්මාණය කරනවා?
ඔව් අනිවාර්යයෙන්ම. අද වර්තමාන ගීත දිහා බැලුවම එම ගීතවල අර්ථ පවා එක සමානයි. ඒත් මං උත්සාහ කරන්නේ එම ලෝකයෙන් මිදිලා අලුත්, නව නිර්මාණ කිරීමටයි.
අද තිබෙන විරහාව කියන රැල්ලෙන් මිදිලා ගීත කරන්නේ?
ඇත්තටම විරහ ගීතවලට වැඩි කැමත්තක් නෑ ඒත් මම කරපු දිනවයි මේ ලොවේ ගීතය. විරහ ගණයට අයත් එකක්. ඒත් ඒ සිංදුව සිංහල, දෙමළ රැප් එක්ක මම වෙනසක් වෙන විදියට නිර්මාණය කළා.
ශ්‍රී ලංකා මෑණියයි යන ගීතය මාගේ ජීවිතයේ අලුත් අත්දැකීමක් මොකද ඊට හේතුව මෙම ගීතයේ Lyrics , music and melody එකද , ඒවගේම Music Video එකද. මා විසින්ම නිර්මාණය කෙරුණේ. මෙම ගීතයේ Lyrics සිංහල, දමිළ, Englishවලින්ද ඇතුළත්‍ය. ගීතයේ දමිළ Lyrics පරිවර්තනය සඳහා මාගේ මිත්‍රයෙක් වන Fathima Rushda ගෙන් සහාය ගත් අතර, English Lyrics පරිවර්තනය මගේ පාසලේ ගුරුවරයෙක් වන Chris Alvis මහතා පරිවර්තනය කර දුන්නකි. මෙම ගීතය ගායනා කරන්නේ මම සහ මාගේ යාලුමිත්‍රයෙක් වන Ravishka Liyanage ඒවගේම මේ සිංදුවේ Mix and Mastering කළෙ දැනට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයන්ගේද ගීත පවා සංගීතවත් කරන Producer කෙනෙක් වන Pasan Liyanage @ RedFox ය. මා කුඩා කල සිට සංගීතයට ගොඩක් ආසා කරනවා. මගේ ඒ කාලේ හීනයක් තිබුණා Audio Production Studio එකක් පටන් ගන්න. එ වගේම එ හීනේ මට සැබෑවක් වුණා. අද වෙද්දී Red Monkey Recordz කියලා මටම Audio Production Studio එකක් තියෙනවා මට ගොඩාක් සතුටුයි. මං ආසයි පුංචි පුංචි සංගීතමය අත්දැකීම් අත්හදා බැලීමට පහුගිය කාලේ මං කරපු අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් මම ශ්‍රී ලංකාවේ අඩුම වියදමකින් කළ මියුසික් වීඩියෝ එකද, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කරපු Official Drum Cover එකද මීට උදාහරණයි.
අද වර්තමාන ගීත දිහා බැලුවම එම ගීතවල අර්ථ පවා එක සමානයි. ඒත් මං උත්සාහ කරන්නේ එම ලෝකයෙන් මිදිලා අලුත්, නව නිර්මාණ කිරීමටයි. මෙම ගීතයත් අලුත් වර්ගයේ නිර්මාණයක් EDM කියන MUSIC GENRE එකට තමයි මෙම ගීතය අයත් වන්නේ.
Edm Music සමග ශ්‍රී ලංකාවේ උඩරට බෙර සමග එකට එක් කර නිර්මාණය කළ ගීයක්. මෙම ගීතය මගේ ජීවිතේ තවත් අලුත් අත්දැකීමක්. මෙම ගීතයේ Video එකද මා විසින් සකස් කරන ලද්දක්. මේ වීඩියෝ එකේ ඇති ඇතැම් රූප රාමු මං YouTube එකෙන් උපුටා ගත්තා. එ වගේම අපගේ ගායන රූපරාමු සමග එකට එක් කර ලස්සන අර්ථවත් ගීතයක් මං නිර්මාණය කළා. මේ ගීතය පිටිපස්සේ මගේ යාලුවෝ මට උදවු කළා. මේ ගීතයට ශ්‍රී ලංකා දේශීය බෙර වාදනය පැත්තෙන් Sasanka Arjuna උදවු කළා. විඩීයෝ එක රූප ගත කරද්දී (DOP) Sithija ravishka , Pravin Dinuranga උදවු කළා. ඒවගේම මට උදවු කල හැමෝටම මං ස්තූතිවන්ත වෙනවා. මා දැනට ජපානයේ Tokyo නගරයේ උසස් පාසලක IT Engineering ඉගෙනීම් කටයුතු කරන අතර එම ඉගෙනීම් කටයුතු අවසන් වූ ගමන් තව තවත් ඉදිරියටත් නව නිර්මාණ කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත


