නිර්මාණකරණය කියන්නෙ මොකද්ද කියලා සමහරු දන්නෙ නෑ


2017-01-26-ent-83

ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මේ දිනවල තිරගත වන "ආලෝකෝ උදපාදි" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟ දක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න විසිනි. එම සිනමා පටය හා ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳව කතාබහ කිරීමට අපි ඔහුව "තරුණයා" හා සම්බන්ධ කර ගත්තෙමු.

මේ දිනවල තිරගත වන "ආලෝකෝ උදපාදි" චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ලංකාවෙ සිනමාව පියවර කිහිපයක් ඉදිරියට තැබූ නිර්මාණයක්. ඒ සිනමා කෘතිය නැරඹූ සහ සම්බන්ධ වූ සියලු දෙනා දැක්වූ අනුග්‍රහයත් ඉතා ඉහළ ඉසවුවක තිබුණා. එහි වළගම්බා රජුගේ චරිතය නිරූපණය කිරීමේ අවස්ථාව හිමිවුණේ මටයි. එයින් පසුව අලුත් චිත්‍රපටයකට සූදානම් වෙනවා අලුතෙන්ම. මෑතකදි ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වුණා. අවංක ආදරවන්තයෙකුගෙ චරිතයක් ඒක. ආර්ථික සහ මානුෂීය අතින් පොහොසත් චරිතයක් පිළිබඳවයි මෙම නිර්මාණය දිගහැරෙන්නෙ.

 

නව නාට්‍ය පිටපත්

2017-01-26-ent-82අපිව තෘප්තිමත් වෙන්නෙ නෑ. අපි තෘප්තිමත් පැත්තකට හරවනවා. හැම එකකම සියයට සියයක් තෘප්තිමත් නිර්මාණ එන්නෙ නෑ. අපේ රටේ තිබෙන ටෙලිනාට්‍ය නිර්මාණවල මොනයම් හෝ අඩුවක් තිබෙනවා. ඕන දෙයක් සුලබ වනවිට එහි මොකක් හෝ අඩුවක් තිබෙනවා. ගුණාත්මක භාවයේ පවා ගැටලු ඇතිවෙනවා. එනිසා අපි උත්සාහ දරනවා ගැටලු නොවී ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය වැඩිදියුණු වන පරිදි නිතරම අලුත් වෙමින් නිර්මාණකරණයේදී කටයුතු කරන්න උත්සාහ දරන්න. උඩින් පල්ලෙන් අතගාන සංකල්ප ඇතුළත් නිර්මාණත් කලාතුරකින් දකින්න තිබෙනවා. එයට හේතුව තමයි මේ සුලබ බව සහ ටෙලිනාට්‍ය තරගය. අනාගතයේදී වෙනසක් සිදුකිරීමට අදාළ බලධාරීන් ක්‍රියාකළොත් මං හිතනව අනාගතය හදාගන්න පුළුවන් කියලා. මොකද පවතින තත්ත්වය ඉතාම හොඳ මට්ටමක නැති බව තමයි පෙනී යන්නේ.

 

හරයක් නැති නිර්මාණ

අද බිහිවෙන මියුසික් වීඩියෝවලත් සෞන්දර්ය නැහැ. සමහර අයට නිර්මාණකරණය කියන්නෙ මොකද්ද කියල දැනෙන්නෙ නැහැ. නිර්මාණ කියන්නෙ අලුත් මානයක් නෙ. පවතින දෙයින් වෙනස් වූ මානයකින් හිතන්නෙ නැහැ. ඒවට මාධ්‍ය ආයතනවලින් ඉඩපහසුකම් පවා ලබා දෙනවා. එක් ගීතයක රූප රචනයක් තිබුණා. ගුරුවරියක් සහ සිසුවෙක් අතර ඇතිවන සම්බන්ධයක් පිළිබඳව. එමගින් සමාජයට වැරදි පණිවිඩයකුයි යන්නෙ. එහෙම නොවී මෙහි අපි නිර්මාණයක් ඇතුළේ රසවින්දනය කුමන ඉසව්වකින්ද සපයන්නෙ කියනෙක ගැන අපිට හිතන්න වෙනවා.

 

බලාපොරොත්තු සහගත ගී නිමැවුම්

මේ වසරේ මගේ නව නිර්මාණ කිහිපයක් එළිදක්වන්න බලාපොරොත්තුවක් තිබෙනවා. පසුගිය දිනෙක දෙරණ නාළිකාවේ "මා නොවන මම" වැඩසටහනට සම්බන්ධ වුණා. එයට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. කැලුම් අයියා සහ මා අතර ඇති සම්බන්ධය සහ ඔහු එය මෙහෙයවන විදිය එක්ක වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබුණු වැඩසටහනක් බවට එය පත්වුණා. එවැනි වූ ප්‍රසංගවලට සම්බන්ධ වෙනවා.

 

you must learn how to rest

මගේ යාළුයෙක් පසුගිය දිනක භූතානයට ගිහින් ආවා. ඒ රටේ දළ ජාතික නිෂ්පාදනය වෙනුවට ඔවුන් භාවිත කරන්නෙ දළ ජාතික සතුට (Gross domestic Happiness ) පරිසර හිතකාමිත්වය, දෛනික ජීවිතයේ සතුට සහ සංස්කෘතික උරුමයන් රැකබලා ගැනීම. සියයට 60ක් දක්වා පරිසරය ආදිය දෙසට තමයි ඔවුන් අවධානය යොමු කරන්නෙ. ඔවුන්ගෙ ආර්ථික න්‍යාය තමයි ඒක. උදේ නවයට වැඩ පටන් ගත්තම හවස හතරට අවසන් කරනවා. ඒ රටේ ජනපති කියා තිබෙන කාරණය තමයි මට බිරිඳක් ඉන්නවා, දරුවො ඉන්නවා. මට ඒ අය ගැන බලන්න තියෙනවා. එනිසා මම 4 .00ට කාර්යාලයෙන් නික්ම යනවා. එනිසා ඔබත් ඒ වෙලාවට නික්ම යන්න කියලා. අපේ මිතුරන් සති දෙකක් ඒ රටේ සිටියදී හවස හතරට හෝටලයට ගෙනැවිත් තිබෙනවා. අපේ අය ඇවිටිලි කළත් ඔහු you must rest යනුවෙන් පවසා තිබෙනවා. අපිට මහන්සි නෑ කියලා අපේ අය පෙරැත්ත කළාම ඔහු පවසා සිටින්නේ you must learn how to rest (ඔබ ඉගෙන ගත යුතුයි කොහොමද විවේක ගන්නේ කියා) යනුවෙන්. කොච්චර වටිනවද මිනිස්සුන්ට දීලා තියෙන තැන.

 

අනෙකා පහුකරන වෑයම

මහපාරෙ වාහනේක යද්දි තියෙන පොරය ගැන කොයිතරම්ද කියා දන්නවාද? මාව පහුකරන් යන කෙනා විනාඩි දෙක තුනකින් ආපහු මං ගාව. විනාඩි දෙක තුනක පරතරයක් ඕන නම් තියේවි. මේ කාලය රැකගන්න අපි කොයිතරම් මිනිස්සුන්ව අපහසුතාවට පත්කරනවද? කොච්චර මිනිස්සුන්ගේ හිත් රිදවනවද? කොච්චර මිනිස්සුන්ව පීඩාවට ලක්කරනවද? තව කෙනෙක් පරද්දන්න සහ තව කෙනෙකුට රිදවන්නනෙ පාරෙ යන්නෙ. පොඩි දෙයක් වෙච්ච ගමන් අතපය දික්කරකර බණිනවා. මේක අපිටත් දවසක අත්විඳින්න වෙයි කියලා හිතන්නෙ නෑ. වාහන එහෙන් දානවා මෙහෙන් දානවා. කහ ඉරේ ඉන්න ටිකට ත්‍රීවිල් මෝටර් සයිකල් ගෙනත් පුරවගන්නවා. අපි තනිව හිතන්න ඕන. මම හෙට ඉඳල පාරෙ යනකොට අනිත් මනුස්සයට ඉඩදෙනවා. මම මගේ පාරෙ විතරයි යන්නෙ. කියන සිතුවිල්ලක හිටියොත් අපිට මේ ගමන යන්න පුළුවන්.

 

ඇඳුම් නිර්මාණය - නිල්හාන් සෙනෙවිරත්න

හැඩගැන්වීම -සැලෝන් ලියෝ ධනුෂ්ක නුගේගොඩ

 

සටහන ඉඳුනිල් සින්දු

 

2017-01-26-ent-81