නිර්මල කොතලාවල පිහිට වෙයි


මතුගම සපුගස්වත්තේ රිය අනතුරකින් පසු බරපතල ලෙස තුවාල ලැබූවන් රෝහලට ගෙන යෑමට සෑහෙන වෙලාවක් යන තුරු පාරේ ගිය කිසිම වාහනයක් උදව්වට පැමිණ නැත.

තුවාලකරුවන් පාරේ දිගා වී සිටියදී එදෙස බල බලා ගිය වාහන බොහෝය.

මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා එතැන සිය වාහනය නවත්වන වින එක් අයකු මිය ගොස් සිටි බව දුටුවේය. තම වාහනයේ ආසන වහා ගලවා තුවාලකරුවන් සියලු දෙනාම රෝහලට රැගෙන යාමට උපදෙස් දී ඔහු එතැන නතර විය.

මේ අතර ඇමැතිවරයකු රැගත් වාහන පෙළක් පොලිස් සයිරන් නලා හඩවමින් එතැන පසු කර ගියත් වාහනය නතර නොකළ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.