මේ දිනවල බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පෙරළියක් ඇති කරමින් බොලිවුඩට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වන "නිර්ජා" චිත්‍රපටය සඳහා ඉන්දීය රජය විසින් අය කරන බදු මුදල නිදහස් කර තිබෙන බව වාර්තාවෙයි.
ඒ පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කරමින් රාජස්ථාන් ප්‍රධාන අමාත්‍ය වසුන්දරා රාජේද ඒ බව පවසා ඇත. දැනට ඉන්දීය රුපියල් කෝටි 50කට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත් වූ මෙම චිත්‍රපටය විදේශයන්හිද අතිසාර්ථක ලෙස ප්‍රදර්ශනය වෙමින් පවතියි. සිය චිත්‍රපටයේ බදු මුදල නිදහස් කිරීම පිළිබඳව රාජස්ථාන් ප්‍රධාන අමාත්‍ය වසුන්දරා රාජේ හා ඉන්දීය රජයටද ස්තුති කරමින් සිය "ටිවිටර්" ගිණුමට අදහසක්ද සෝනම් විසින් පළ කර තිබුණ බව "සන්ටා බන්ටා" වෙබ් අඩවිය සඳහන් කර සිටියි.



