පෑලියගොඩ පොලිසියට ගොස් සැකකරුවන් දෙදෙනකු මුදාගෙන ගියැයි කියන නියෝජ්‍ය පොලිස්පති සම්බන්ධයෙන් පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ නියමයෙන් විමර්ශන ඇරැඹූ විශේෂ පොලිස් කණ්ඩායම මේ වන විට ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ එස්අයියූ හෙවත් විශේෂ විමර්ශන ඒකකය මගින් එම විමර්ශනය කරන බවයි.
අඩු මිලට ජංගම දුරකතන අලෙවි කරන බව පවසා අන්තර් ජාලයේ දැන්වීමක් අනුව හෝකන්දර යුවළකගේ ගිනුම්වලට රුපියල් පන් ලක්ෂ දස දහසක් බැර කළත් දුරකතන නොලැබුණු බව පවසමින් රක්ෂණ නියෝජිතයකු පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කර තිබිණි.
ඒ අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගත් අතර එදින රාත්‍රී පොලිසියට ආ නියෝජ්‍ය පොලිස්පති නිලධාරීනට බැන වැදී යුවළ නිදහස් කරගෙන ගියැයි චෝදනා එල්ල විය.
සැකකාරියට පිළිකාවක් වැළඳී ඇති බවත්, ඇයට නිසි පරිදි බෙහෙත් ලබා දී නැති බවත්, පොලිසිය ඒක පාර්ශ්විකව කටයුතු කර ඇති බවත් කියමින් නියෝජ්‍ය පොලිස්පති ලොග් සටහනක් ද තබා ඇතැයි පොලිස් ආරංචි සදහන් කරයි.