තරිඳු ජයවර්ධන
ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව තොරතුරු තාක්ෂණ දිසාව වෙත ස්ථාන මාරු කර තිබේ.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එම ස්ථාන මාරුව කර ඇත්තේ පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව බව එම ස්ථාන මාරු නියෝගයේ දැක්වේ.
නාලක සිල්වා මහතාගේ ක්‍රියාකාරිත්වය ගැන පසුගිය කාලයේ ලොකු කතාබහක් ඇති විය.