තරිඳු ජයවර්ධන
ජනාධිපතිවරයාට අනතුරක් සිදුකිරීම ගැන හා පොලිසියේ උසස් නිලධාරීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කළැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ලංකාදීපයට පැවසීය.