නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ගනී


කොල්ලුපිටියේ ධනවත් ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් මුසම්දීන් මොහොමඩ් සියාම් පසුගිය මැයි 22 වැනිදා පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

මේ සම්බන්ධයෙන් සැකපිට සියාම්ගේ කිට්ටුම සගයකු බව කියන ව්‍යාපාරිකයෙක් ද, උප පොලිස් පරීක්ෂකවරයෙක් හා කොස්තාපල්වරු තිදෙනෙක් ද රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරගෙන යන බව ද කියයි.

රහස් පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.