රෝමයේ ශ්‍රි ලංකා තානාපති කර්යාල සේවකයින්ගේ වැටුප් දිනය අද උවද බදාදා (11) වුවත් සේවකයින්ගේ වෑටුප් නොලෑබුණ බව තානාපති කර්යාල අරංචි මාර්ග කියයි.
අවුරුදු ළඟ එන බෑවින් තමන්ට නියමිත දින වෑටුප් නොලෑබිමේන් ලංකාවේ සිටින තම දෙමාපියන්ට් හා අඹුදරුවන්ට මුදල් යවා ගෑනිමට නොහෑකි විමේන් සේවකයෝ කලකිරී සිටිති. තානාපති වැටුප් ලේඛන වලට තානාපති අත්සන් නොකිරිම නිසා නිළධාරින් ඈතුලු පහළ සේවකයිට මේම තත්වයට මුහුණ දීමට සිදුව ඈත. තානාපති අසිත පෙරේරා මහතා ශ්‍රී ලංකාවට නැවත කෑදවීමේ ලිපිය ලෑබීමත් සමග ඔහු දිනපතා තානාපති කාර්යාලයට නොපෑමිණෙන බවද වර්තා වේ. මේ පිලිබද අප විදේශ ලේඛම් කරුණාරත්න අමුණුගම මහතාගෙන් විමසු විට ඔහු කියා සිටියේ සිදුව ඇති දේ සත්‍ය නම් ඒපිලිබදව කනගාටු වන බවයි. බ්‍රහස්පතින්දා (11) මේ ගැන සොයා බලන බවත් ඔහු කීවේය. රෝම තානාපති කර්යාලයේ තානාපති ඇතුළු නිළධාරීන් පස් දෙනෙකුගේ අඩුවක් පවතින අතර ලක්ෂයකට අධික ශ්‍රි ලාංකිකයින් පිරිසකට සේවය කිරිමට සිටිනුයේ ප්‍රධාන නිළධාරිනියන් දෙදෙනෙකු සමග ලිපිකරු ශ්‍රෙණියේ නිළධාරින් හත් දෙනකුත් රියදුරන් දෙදෙනෙක් හා සුළු සේවකයන් තිදෙනෙකුත් බව කියති.