මාස කිහිපයකට පෙර නුසුදුසු විවාහයක් කර ගත්තැයි කාර්මිකයකු පැහර ගෙන පැය හයක් පුරා කුරුණෑගල තෙලියගොන්නේ නිවසක රඳවාගෙන නියපොතු ගලවමින් දස වද දෙද්දී පොලිසිය ඔහු බේරාගෙන කුරුණෑගල රෝහලට ඇතුළුකරනු ලැබ සිටී. නිශාන්ත කපිල බණ්ඩාර (34) නම් මේ තරුණයාගේ ඇස් ගැලැවීමට පවා උත්සහා කර ඇතැයි ද යකඩයකින් හිසට ගසා ජනනේන්ද්‍රිය ඇතුළු පෙදෙස් පුළුස්සා ඇතැයි ද ඉබේ මැරෙන බවට ලිපියකට ද අත්සන් කර ගෙන ඇතැයි ද පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට සොයයි. කුරුණෑගල පොලිසිය පැමිණිල්ල බාරගැනීමට පැය හතර ප්‍රමාද කර ඇතැයි පොලිස් අධිකාරීවරයකුට පැමිණිලි කිරිමෙන් පසුව පරීක්ෂණ ඇරැඹී ඇතැයි ද කියති. තමාට වද දුන් පිරිසේ මාමලා කණ්ඩායමක් බිරිය රැගෙන ගොස් ඇතැයි ද කියන නිශාන්ත විවාහය සම්බන්ධයෙන් පැවති ප්‍රශ්න සියල්ල විසඳාගෙන තිබියදී තමාට මෙම ප්‍රහාරය එල්ල වී යැයි ද නිශාන්ත කියයි.

