(අංජුල මහික වීරරත්න)
දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති වියළි කාළගුණයෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 9000 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්වරුන් අතර සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එලඹ ඇත.
වියළි කාළගුණය නිසා පීඩාවට පත්ව සිටින උතුරුමැද පළාතේ පුද්ගලයින් හාරලක්ෂ විසි දහසකට පමණ පානීය ජලය , වියළි ආහාර ඇතැම් සෙසු සහන සැලසීම සඳහා ත්‍රීවිධ හමුදාවේ දායකත්වය ලබාගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
අමාත්‍ය මණ්ඩල තීරණ පරිදී එම සහන කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 2000ක් වෙන් කර ඇති බවත් එම සම්මත මුදල දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නිදහස් කිරීමට කටයුතු කර තිබෙන බවත් ජනාධිපති කාර්යාලය කියයි.