නියඟය වැඩි ප්‍රදේශවලට සතියක් යන තුරු වැසි


කාලයක් තිස්සේ පැවැති නියඟය නිමා කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට ඇද හැලෙන වර්ෂාව තවත් සතියක් පමණ ඉදිරියට පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

ලබන 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි ඇදහැලෙනු ඇතැයි කාලගුණය සම්බන්ධයෙන් අදහස් දක්වන අන්ර්ත  ජාතික වෙබ් අඩවි අනාවැකි පළ කරයි.

පසුගිය කාලයේ නියං තත්ත්වය වැඩිපුරම බලපෑ යාපනය හා මඩකලපුව දිස්ත්‍රික්කවලටද දිගුගුරුම් සහිත වැසි බලාපොරොත්තුවේ. පසුගිය 17 වැනි දා වට විට මඩකලපුවේ 302005ක් ද, යාපනයේ 93917ක් ද නියඟයෙන් පීඩාවට පත්වී සිටියහ.  

අද දහවල් 11 සිට රාත්‍රී නවය පමණ වන තුරු විටින් විට කොළඹට ද වැසි ඇති විය හැකි බවත්, දවස පුරා වැහිබර අඳුරු වාතාවරණයක් පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යාඥයෝ කියති.

 පහතින් දැක්වෙන්නේ අද කොළඹ කාගුණික තත්ත්වය ගැන අන්තර්ජාතික වෙබ් අඩවියක අනාවැකියකි wunderground-Colombo-3

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සදහන් කළේ නැගෙනහිර, උතුර, උතුරු මැද,උව සහ මධ්‍යම පළාත්වලට මිලි මීටර 100ට වැඩි තද වැසි ඉදිරි පැය 48 ඇතුළත බලාපොරොත්තු වන බවයි.

 පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට ඉහළ අහසේ වළාකුළුවල තත්ත්වයයි  

image-download weather

 ජනවාරි පළමු වැනිදා සිට ඊයේ දිනය දක්වා දිවයින අවට අහසේ තත්ත්වය පහත වීඩියෝවෙන් 

 පසුගිය වසරේ මේ වකවානුවේ දිවයිනට ඉහළ අහසේ තත්ත්වය පහත වීඩියෝවෙන් 

 දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඉදිරි දින කිහිපයේ කාලගුණ අනාවැකිය පහතින්

ගාල්ල

wunderground-Gall

යාපනය

wunderground-jaffna-1

කිලිනොච්චි

wunderground-Kilinochchi

මඩකලපුව

wunderground-Madakalapuwa

මහනුවර

wunderground-Kandy

මන්නාරම

wunderground-manner-2

මොණරාගල

wunderground-Monaragala

අම්පාර

wunderground-ampara

(සියලු දත්ත සටහන් කාලගුණය සම්බන්ධ වෙබ්අඩවිවලින් සහ නාසා ආයතනයෙනි)