නියඟය යළි එයි : ලක්ෂ 5ක් අමාරුවේ


සතියක් පමණ ඇද හැලුණු වැස්සෙන් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට මේ  දිනවල බලපා ඇති නියං තත්ත්වය නිසා පවුල් 129699ක පුද්ගලයෝ ලක්ෂ 5කට ආසන්න පිරිසක් අපහසුතාවට පත්ව සිටිති.

වැඩිම පිරිසක් අසරණව  ඇත්තේ උතුරු පළාතේය. එම ගණන 177847කි. යාපනය දිස්ත්‍රික්කයේ 52829ක් ද, මුලතිව්හි 43739ක් ද, කිලිනොච්චියේ 46401ක් ද, වව්නියාවේ 34878ක් ද එම පිරිස අතර වෙති.

නියං තත්ත්වය නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අපහසුදාවට ලක්වූ ගණන 94033කි. ගම්පහ දිස්ත්‍රික්කයේ 53038ක් ද බලපෑමට ලක්ව සිටිති.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක් ඇති වුවත් නියං තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි.

 කාලයක් තිස්සේ පැවැති නියඟය නිමා කරමින් ජනවාරි මස තුන් වැනි සතියේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට වැසි ලැබුණු අතර ඇතැම් ප්‍රදේශවල ජල ගැලිම්ද ඇති විය. පෙබරවාරි මස මුල් සතියේ සිට වැසි පහව ගොස් යළි පායන්නට පටන් ගත්තේය.

අද දිනයේ  දිවයිනට ඉහළ අහසේ තත්ත්වය. ඡායාරූපය නාසා අනුග්‍රහයෙනි.

2017.02.12

ජනාවාරි මස 09, 11, 19, 21,23 දිනයන්හි දිවයිනට ඉහළ අහසේ තත්ත්වය. ඡායාරූප නාසා ඇසුරෙනි. 

 January 09 January 11 January 19 January 21 January 23

ජනවාරි මස 12 වැනි දා සිට අද වන තුරු දිවයිනට ඉහළ අහසේ තත්ත්වය. වීඩියෝ නාසා අනුග්‍රහයෙනි.