නියඟය නිසා වී අස්වැන්නෙන් මෙ. ටොන් ලක්ෂ 5 ක් අහිමි වෙයි


(ඩයනා උදයංගනී)

දිස්ත‍්‍රික්ක රැසකට බල පා ඇති නියං තත්ත්වය හේතුවෙන් මෙවර මහ කන්නයේ අපේක්‍ෂිත වී අස්වැන්නෙන් මෙටි‍්‍රක් ටොන් 5,45,717ක් අහිමි වන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

නියඟය බලපා ඇති දිස්ත‍්‍රික්කවල අපේක්‍ෂිත වී අස්වැන්න අහිමි වන ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන්  4,35,390 ක් බව එම දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.

මහ කන්නයේදී අපේක්‍ෂා කළ වී අස්වැන්න මෙටි‍්‍රක් ටොන් 1,873,756ක් වන අතර නියඟය නිසා ඉන් ලැබෙනු ඇත්තේ මෙටි‍්‍රක් ටොන් 1,328,039ක අස්වැන්නක් බව ද එහි දැක්වේ.

මෙම වී අස්වැන්න අඩුවීම ඉදිරි යල කන්නයට මෙන්ම 2017/18 මහ කන්නයට ද අවශ්‍ය බිත්තර වී සපයා ගැනීමේදී බාධාවක් විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.