රජරට ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියඟය දුරුවී වැසි ප්‍රාර්ථනා කරමින් ආදීවාසීහු පිරිසක් දිඹුලාගල ආරණ්‍ය සේනාසන භූමියේදී 01 වෙනි දා රාත්‍රී කිරි කොරහ නැටූහ.එහීදි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමතිවරයා දවුල වාදනය කළේය.
දිඹූලාගල දළුකාහ සහ පොල්ලේබැද්ද ආදීවාසි ගම්මානවල ආදීවාසීන් විසින් සිදුකෙරුණු මෙම වැඩසටහනේ ප්‍රධාන ආරධිතයා ලෙස සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සහභාගී වී සිටියේය.
01 වෙනිදා රාත්‍රී 08 සිට 11 දක්වා පැය තුනකට ආසන්න කාලයක් පැවැති මෙම යාගයට ආදිවාසිහූ ලොකු-කුඩා ගැහැණු-පිරිමි 30කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
දිඹුලාගල ආරණ්‍ය සේනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියනාගේ අනුශාසකත්වයෙන් සේනාසනයේ නාහිමිවරු.ප්‍රදේශවාසීහු මෙම ආදිවාසී සංස්කෘතික වැඩසටහන සංවිධානය කළහ.
කිරිකොරහ නැටීම.කන්දේ දෙවියන් යැදීම ගිනි පූජා සිදුකිරීම ඇතුළු වැසි ප්‍රාර්ථනා කිරීම,ලෙඩ දුක් සුව වීම,ගම් ආරක්ෂා කිරීම ආදී යාග ඊට ඇතුළු විය.