පවතින නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව යොදා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ගුවන් හමුදාවේ විසිරයෑමේ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා එසේ කීවේය.
‘මම ඊයේ සන්ධ්‍යාවේ නාවික හමුදාපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා සමගත් කතා කළා. වර්ෂාව නොමැතිව ඇති වී තිබෙන නියඟ තත්ත්වයේදී ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජයේ නිලධාරීන් හා එක් එක් දිස්ත්‍රික්ක සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීමට මා බලාපොරොත්තු වෙනවා.
ත්‍රිවිධ හමුදාවට නියඟය පවතින දිස්ත්‍රික්ක ලබා දී එම ජනතාවට පානීය ජලය සැපයීම සහ අනෙකුත් සුබදාධන කටයුතු සිදු කිරීමේ වගකීම ත්‍රිවිධ හමුදාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.‘ යැයි ද ජනාධිපතිවරයා කීවේ.





