නිමන්තිගේ 'හිමිනැතත් මට ඔබේ සෙනෙහෙ' එළිදකියි


2017-01-04-ent-38

'දෙරණ' ඩ්‍රීම්ස්ටාර්හි දෙවන අදියරේදී ඔබ හඳුනාගන්නා ඇය මේ වනවිට කේම්බ්‍රිජ් ජාත්‍යන්තර පාසලේ ගුරුවරියක ලෙස සේවය කරන්නීය. ඇගේ නවතම ගීතයේ රූප රචනාව එළිදැක්වීම නියමිතව ඇත. ඇය නිමන්ති චමෝදනීය.

 

මුලින්ම ඔබේ නවතම ගීතය ගැන කතා කරමු?

2017-01-04-ent-40මගේ නවතම ගීතය තමයි "හිමිනැතත් මට ඔබේ සෙනෙහෙ" ගීතය. මෙහි රූප රචනාව මෙම මසදී ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන්. මේ ගීතයේ පද රචනය සිදුකළේ චේතිය ලක්ෂාන්. මෙය මේ පවතින රැල්ලට යන ගීතයක්. මම එහෙම ගීතයක් මේ වනතුරු නිර්මාණය කළේ නැහැ. ඒ නිසා තමයි මම මේ ගීතයට දායක වුණේ. ගායිකාවක් ලෙස විවිධ ශෛලීන් අනුගමනය කරන්න ඕන. මම ඒ නිසා තමයි මෙවැනි නිර්මාණයකට දායක වුණේ.

 

මීට පෙර සිදුකළ ගී නිර්මාණවලට ලැබුණ ප්‍රතිචාර ගැන කතා කළොත්?

මගේ පළවෙනි ගීතය ශ්‍රාස්ත්‍රීය ගීතයක්. ඒක මගේ "හීනපුරා පේන" කියන ගීතය. පසුව "රෝස කතන්දර" කියන ගීතයෙ පද රචනාව ගතහොත් ව්‍යංගාර්ථ සහ සාහිත්‍යය මුසු වුණ නිර්මාණයක්. මගේ නවතම ගීතයට මේ ගීතවලට වඩා ප්‍රතිචාර තිබෙනවා. නමුත් සංගීතය පිළිබඳ උනන්දුවෙන සුභාවිත ගීතය අගය කරන පිරිසක් පෙර නිර්මාණවලට ඉන්නවා.

 

නිමන්ති සංගීත ක්ෂේත්‍රයට පැමිණෙන්නෙ රියලිටි තරගයකින්, දැන් නිර්මාණය කරන ගීත ප්‍රචාරය කරන්න මාධ්‍ය‘යෙන් ලැබෙන දායකත්වය ගැන සඳහන් කළොත්?

සමහර නාළිකාවලට ගීතයක් ප්‍රචාරය කරන්න මුදල් ලබාදෙන්න සිදුවෙනවා. ඒ වගේම හොඳ නිර්මාණයක් භාර ගන්නත් මාධ්‍ය ඉදිරිපත් වෙනවා. ඒ සහයෝගය ලැබෙනවා. මම මුදල් ලබාදීලා ගීත ප්‍රචාරය කරන මාධ්‍ය ගැන කතා කරන්න කැමති නැහැ.

 

ඉදිරි වැඩ කටයුතු සහ මතක් කළ යුතු අය ගැන සඳහන් කළොත්?

ඉදිරියේදී හොඳ ගී නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංගීත් නිපුන් විභාගය සඳහා සූදානම් වෙනවා. චේතිය ලක්ෂාන් විශේෂයෙන් මතක් කළ යුතුයි. B+ ආයතනය, ඩ්‍රීම්ස්ටාර් තරගයේ මේ දක්වා සිටි රසික රසිකාවියන් මතක් කළ යුතුයි. ඒ වගේම මට මේ දක්වා උදව් කළ සියලු දෙනාවම මතක් කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.

 

රංගන මධුසංක

 

2017-01-04-ent-39