නින්දවුර් 14 ක් රිමාන්ඩ්


කල්මුණේ අක්කරපත්තුව මාර්ගය අවහිර කරමින් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණ පුද්ගලයන් විසි එක් දෙනෙක් සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඒ පිරිසෙන් හත් දෙනෙක්  රුපියල් 50000 ක ශරීර ඇප මත මුදා හරින්නැයි ද  ඉතිරි 14 දෙනා 22 වැනිදා තෙක් රිමාන්ඩ්  බන්ධනාගාරගත කරන්නැයිද  සමන්තුරේ මහේස්ත්‍රාත් ටී .කරුණාකරන් මහතා නියෝග කළේය.

අයුතු ජන රාශිය, රජයේ දේපලවලට හානි සිදු කිරීම, සහ පොලිසියට පහරදීම යන චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කෙරිණ.