නිධානෙ ගන්න බැරිවේ


පුත්තලමේ හතරෙ කණුවේ නින්දෙණියේ කෝවිල් ඉඩමක නිධානයක් හාරමින් සිටි බව කියන පූසාරියකු හා මඩකලපුවේ යකදුරකු (72) ඇතුළු අට දෙනෙක් අද අලුයම පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.

හූනියමක් ගොඩ ගන්නා මුවාවෙන් අඩි පහක් පළලට අඩි විස්සක් ගැඹුරට වළක් හාරා ඇතැයි ද, බහිරව පූජා සඳහ ගෙන ආ පිදේනි ද, උදලු ආදිය ද සොයා ගෙන ඇත.