නිධානයකින් ගත්බව කියන පිළිමයක් සමඟ අයෙක් අල්ලයි


( රවී ලියනගේ සහ ජේ.කේ.එල්.චාමින්ද)

නිධානයකින් ගොඩ ගන්නා ලද  බවට සැකකරන බුදු පිළිමයක් සමඟ පුද්ගලයකු රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

ග්‍රෑම් 41යි මිලිග්‍රෑම් 19ක බරකින් යුත්  රත්‍රං බවට සැකකරන මෙම බුදු පිළිමයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර  විකිණීමට සූදානම් කර තිබිය දී  ඊයේ (3) රත්‍රී  අත්අඩංගුවට පත්වී තිබේ.

සැකකරු ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි. අත්අඩංගුවට ගන්නා ලද බුදුපිළිමය රත්‍රං බවට නිවැරදිව පරීක්ෂා කිරීම සඳහ ගාල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දීමට නියමිතව තිබුණි.