නිධානයක් හාරද්දී සෙල්ලිපියක් මතුවේ


ගල්ගමුව අලුත්හේනේගම වැව් ඉස්මත්තේ නිවසක් පිටුපස නිධානයක් හාරමින් සිටි දෙදෙනෙක් ගල්ගමුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

ඔවුන් පවසන්නේ වතුර ලබා ගැනීම සඳහා ළිඳක් හෑරූ බවයි. එහි තිබී අනුරාධපුර යුගයට අයත් සෙල්ලිපියක් ද සොයාගෙන ඇත.