නිධන්හැරූ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරිය අත්අඩංගුවට


( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මුණුපුරා  සමඟ එක්ව  නිවස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කරන ගල්තලාවක නිධන් හාරමින් සිටි ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන  පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම මන්ත්‍රීවරිය හොරණ ප්‍රාදේශීය සභාව නියෝජනය කළ තැනැත්තියක් බව පොලිසිය කියයි.

එම සැකකාරිය සහ සැකකාර මුණුබුරා සමඟ නිධන් හෑරීම සඳහා යොදාගත් රසායනික ද්‍රව්‍ය , හිල්ටි යන්ත්‍රයක් ,  උල්කටු කීපයක් ,  වයර් කෝඩ් කීපයක් , ශාන්ති කර්ම සඳහා යොදාගත් බුලත් මැටි පහන් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. 

කාන්තාවක් තවත් කීප දෙනෙකු සමග ඇයගේ නිවස පිටුපස පිහිටි ගල්තලාවක් පුපුරුවා හරිමින් නිදන් හාරමින් සිටින බවට 119 හදිසි ඇමතුම් ඒකකය හරහා මොරගහහේන  පොලිසියට ලද දුරකථන පණිවිඩයක් අනුව 119 යතුරුපැදි  සංචාරයේ යෙදී සිටි නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදුකළ වැටලීමේදී එම කාන්තාව සහ මුණුබුරා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.