
(නිමල් ජයරත්න)
පොලොන්නරුව ලක්ෂ උයන ගම්මානයේ ගෙවත්තක වගා ළිඳක් තුළ නිදන්වස්තු කැණීම් කරමින් සිටි, අඹුසැමි ඇතුළු සිව්දෙනකු පළවෙනිදා සවස අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
මෙම සැකකරුවන් සමග නිධන් හෑරීමට යොදාගත් යකඩ ඉනි, අලවංගු, පූජා භාණ්ඩ, ඇතුළු නිදන්වස්තු කැණීම් කිරීමට යොදාගත් සියලු ද්‍රව්‍ය ,අත්අඩංගුවට ගෙන තිබේ,
මෙහිදී ගෙවත්තේ හිමිකාරිය, ඇයගේ ස්වාමියාත්, ලක්ෂඋයන ගම්මානයේ පදිංචි අයවලුන් අතර සෙසු සැකකරුවන් මින්නේරිය සහ පොලොන්නරුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවද අරලගංවිල විශේෂ කාර්ය බලකාය පවසයි,
වගාලිද තුල නිදන් වස්තු ඇති බවට නිවසේ හිමිකාරියට හීනයකින් පෙන්නුම් කර ඇති බවද ඔවුන් විශේෂ කාර්ය බලකායට පවසා තිබේ,
අත්අඩංගුවට ගත් සැකකාරියගේ දරුවන් සිව්දෙනාම ඕස්ට්‍රේලියාවේ රැකියා කරන අයවලුන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලොන්නරුව පොලිසියට භාරදුන් බවත්, ඔවුන් පොලොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.


