(මදුශානි අබේසිංහ )
වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ තම ගෙවත්තේ නිදන් වස්තු සොයා කැණීම් කරමින් සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු, සහ ඔහුගේ සොයුරෙකු, කැනීම් කිරීමට යොදාගත් උපකරණ සමග අද (03 ) අලුයම අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
කැණීම් කරමින් සිටි තවත් තිදෙනකු එම ස්ථානයෙන් පලාගිය බවත්, සිවිල් ආරක්ෂක නිලධාරියාගේ ගෙවත්තේ මෙම කැණීම සිදුකර ඇති බව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
නිදන් වස්තු සෙවීමට යොදාගත් අලවංගු දෙකක්, එකක්, පිහියක්, ෆිකස් එකක්, තවත් උපකරණ කිහිපයක් මෙහිදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි. නිදන් වස්තු සොයා කැණීම් සිදුකරමින් සිටියදී පලාගිය සෙසු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.