නිධන් ගන්න ගිය 6ක් පොලිස් දැලේ


(කාංචන කුමාර ආරියදාස)

මැණික් එබ්බවූ  වලළගම්බා රජුගේ රන්   ඔටුන්නක් සහ මැණික් කුල්ලක්   ඇති බව පවසමින් එය ලබා ගැනීම් සඳහා කැණීම් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනකු   දඹුල්ල කපුවත්ත  මොරගොල්ලවත්තෙ ඉඩමකදී  සැක පිට  අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  මහනුවර  පුජාපිටිජාපිටිය ප්‍රෙද්ශයෙ සහ මහියංගණය ප්‍රෙද්ශයෙ  පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

 පූජාපිටිය ප්‍රදේශයේ  ව්‍යාපාරිකයකුට අයත් මෙම ඉඩම දඹුලු රජමහා විහාරස්ථානයට කිලෝමීටර් කීපයක්  දුරකින්  පිහිටා තිබෙන අතර එම ස්ථානයේ ඉතා   සූක්ෂම ලෙස   වසර ගණනාවක සිට මෙම නිධන් ලබාගැනීම සඳහා සැලසුම් කොට ඇති බව පොලීසිය කියයි.

 කෙසේවෙතත් ස්ථානයේ වලක්  හාරා එහි ගල් පතුරු ඉවත් කොට නිධානය ලබා ගැනීම් සඳහා සියලු කටයුතු සූදානම් ව තිබියදී බහිරව පූජාව ලබාදී දුර්ලබ කළු කුකුලා බිලි දී  ගල් පියන ඉවත් කිරීමට  සිටියදී පොලිසියට ලද තොරතුරක් මත පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 පොලිස්  නිළධාරීන් කණ්ඩායම එම ස්ථානයට රාත්‍රියේ යන විට මල් පහන් සුවඳ දුම් මෙන්ම බහිරව පූජා ගොටු තබා තනිකර  කරමල පවා කළු පැහැති කුකුළෙක් බිල්ලට සූදානම් කොට පූජාව පවත්වමින් සිටි බව පොලිසිය කියයි.

 මෙම ඉඩමේ ඇති නිවසෙන්වි දුලිය ලබාගෙන වතුර යට තබා ශබ්දය පිටට  නෑසෙන අධි මිලදී වතුර මෝටර් යොදා ගෙන එහි වතුර ඉවත් කොට ඇතැයි පොලිසිය කියයි.

 මෙම නිධන්   ලබා ගැනීමගැනීම සඳහා මහ පොළොව කැණීම ට යොදා ගත් ආයුධ රැසක් මෙන්ම පුද පූජා භාණ්ඩ රැසක් ද පොලිීසිය සොයාගෙන තිබේ.