නිධන් ගන්න ගිය 5ක් අත්අඩංගුවට


(දයාරත්න ඇඹෝගම)

කරඩික්කුලම වැව අසල පහිටි ගල්පොත්ත  ආසන්නයේදි නිධානයකින් ගොඩගත් බවට කියන පාෂාණ කිහිපයක් සමඟ කපුවෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරැදු 23ත් 53ත් අතර වියේ පසුවන හාරිස්පත්තුව,ගලගෙදර,මිහින්තලය හා පොලොන්නරැව ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් පස් දෙනෙකි.

මිහින්තලේ පොලිස් වසමේ මරදන්කල්ල ,කරඩික්කුලම වැව අසල පිහිටි ගල්තලාවේ කොටසක් හාරා පසුගිය 25 වන දින පිරිසක්  නිධානයක් ගොඩගත් බවත් එම පිරිස  ඊයේ (27)දින  එම ස්ථානයේ වස් ඇරීම සදහා කපු මහතා සමග රැදි  සිටින බවට ලද තොරතුරක් මත අනුරාධපුර මුලස්ථාන පොලිසියේ කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරින් විසින් කපුවා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදි එම නිධානයෙන් ගොඩ ගත් බවට සැකකෙරෙන  නිල්පැහැති පාෂාණ 12 ක් හා සුදුපාට රෙදි කැබැල්ලක ඔතන ලද වැලි පාර්සලයක්  ද මැටි පහන් 04 ,අගල් 06 ක් පලල අගල් 08 ක් උස බුද්ධ රූපයක් ,දෙහි ගෙඩි 05ක්ද පොලිස් නිලධාරින් විසින් සිය බාරයට ගෙන තිබුණි.