නිදොස් කළ නාවික නිලධාරීන් සොයන්නයි අධිකරණ නියෝගයක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩු තීන්දුව මඟින් නිදොස් කොට නිදහස් කර සිටින නාවික හමුදා නිලධාරීන් තිදෙනා සිටින ස්ථානයන් පිළිබඳව විමර්ශනය කර අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

ඒ ගැන කරුණු දැක්වීම සඳහා ලබන ජූනි 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයාට නියම කරමින් අභියාචනාධිකරණය නොතීසි නිකුත් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් නඩු තීන්දුවට එරෙහිව සෂිකලා රවිරාජ් මහත්මිය විසින්  ගොනු කර ඇති ප‍්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් නොතීසී බාර දීමට  නිදහස ලැබූ විත්තිකාර වගඋත්තරකරුවන් වන නාවික නිලධාරීන් සිටින ස්ථානයක් සොයාගත නොහැකි බවට ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් අභියාචානධිකරණ මෙම නියෝගය කරන ලදී.

එසේම නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ මහාධිකරණ තීන්දුව අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙසට කොළඹ මහාධිකරණ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේය.