සංවර්ධන කටයුතු සඳහා යයි කියමින් දඹුල්ල නගරයේ පදිංචිකරුවන්ගේ ඉඩම් රජයට පවරාගෙන වසර 36 ක කාලයක් ගතවී ඇතත් මෙතෙක් සාධාරණයක් ඉටුකර නැති බව ද තමන්ගේ පාරම්පරික ඉඩම් සංවර්ධනය කර ගැනීමට තමන්ටම නැවත දෙන්නැයි ඉල්ලමින් පිරිසක් නිදහස් දිනයේ දඹුල්ල නගර මධ්‍යයේ උපවාසයක් ආරම්භ කළහ
මේ ප්‍රශ්නයට විසැඳුමක් ලැබෙන තුරු තම උපවාසය අත් නොහරින බවඋපවාස කරුවෝ පවසති .
විවිධ සංවර්ධන කටයුතු සඳහා යයි කියමින් රජයට පවරා ගත් බොහෝ ඉඩම් වෙනත් පුද්ගලයන්ට අළෙවි කරන බවත් මේ නිසා දඹුල්ලේ පාරම්පරික ඉඩම් හිමියන්ට විශාල අසාධාරණයක් සිදුව ඇති බවත් ඔවුහු කියති.


