නිදහස් සැමරුමට සමගාමීව ආගමික වතාවත්


77වන ජාතික නිදහස් දින සැමරුමේ ආගමික වතාවත්වලට සමගාමීව උදෑසන හීල් දානයක් කොළඹ 2 හුණුපිටිය ගංගානම විහාරස්ථානයේ දී අද(03) පැවැත්විණි. 

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිහ සහ බුද්ධ ශාසනා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවී මහතා සහභාගී විය. 

සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් ඊයේ(02)රාත්‍රියේ නිදහස් චතුරශ්‍රයේ දී තෛනිකායක මහානායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් පැවැත්විණ.

(ඡායාරූප : ළහිරු හර්ෂණ)