69 වැනි ජාතික නිදහස් දින උළෙල නිමිතෙතෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරවන බව රථවාහන පොලිසිය කියයි.
ඒ අනුව ජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් පෙබරවාරි 4 වැනිදා පෙරවරු 5 සිට මධ්‍යහන 12 දක්වා ගාලු පාර, ගාලු මුවදොර වටරවුම සිට පරණ පාර්ලිමේන්තු වටරවුම අතර පෙදෙස හා චෛත්‍ය පාර වසා තැබේ.
නිදහස් උළෙලේ පෙරහුරු නිමිත්තෙන් පෙබරවාරි 3 වැනිදා ද පෙරවරු 9 සිට මධ්‍යහන 12 දක්වා එම මාර්ග වසා තැබේ.
නිදහස් දා පෙරවරු 7 සිට මධ්‍යහන 12 දක්වා කොල්ලුපිටිය හන්දියෙන් ගාලු මුවදොර වටරවුම දෙසට, කොල්ලුපිටිය ශාන්ත මයිකල් වටරවුමෙන් ගාලු පාර දෙසට, රොටුන්ඩා වටරවුමෙන් ගාලු පාර දෙසට, සෙරමික් හංදියෙන් (ලෝටස් පාර) පරණ පාර්ලිමේන්තුව දෙසට, යෝර්ක් වීදියෙන් ලංකා බැංකු මාවත දෙසට, සීනෝර් හංදියෙන් (කොටුව දුම්රියපොළ ඉදිරිපිටින්) සී.ටී.ඕ. හංදිය දෙසට, කොටුව සී.ටී.ඕ.හංදියෙන් සෙරමික් හංදිය දෙසට ඇතුළුවීම, මාකන් මාකර් මාවත උත්තරානන්ද මාවත හංදිය දෙසින් ගාලු මුවදොර වටරවුම දෙසට ඇතුළුවීම තහනම් කර ඇත. එම පෙදෙස්වලින් ඇතුළුවීමට පදිංචිකරුවන්ට හා කාර්යාල සේවකයින්ට පමණක් ඉඩ ලබාදෙන බවද පොලිසිය දැනුම්දෙයි.
නිදහස් දා පෙරවරු 8 සිට මධ්‍යහන 12 දක්වා ගාමිණී වටරවුමෙන් ඩී.ආර්.විජයවර්ධන මාවතට ඇතුළුවීම හා කොම්පඤ්ඤවීදිය පොලිසිය වටරවුමෙන් රීගල් හංදිය දක්වා මාර්ග ද වසා දැමේ.
නිදහස් උළෙ පැවැත්වෙන දින පෙරවරුවේ ගාලු පාර ඔස්සේ කොළඹට ඇතුළු වන බර වාහන සඳහා ඩබ්.ඒ.සිල්වා මාවත ඔස්සේ පරණ හැව්ලොක් පාර, මායා වටරවුම, හැව්ලොක් පාර, තිඹිරිගස්යාය පාර, බේස්ලයින් පාර ඔස්සේ කොළඹට ඇතුළු වීමටත් කොළඹින් පිටවන බර වාහන සඳහා එම මාර්ගයන් ඔස්සේම ගමන් කර ගාලු පාර ඔස්සේ කොළඹින් පිටවිය හැකි බවත් පොලිසිය දන්වා සිටී.
ගාලු පාර ඔස්සේ කොළඹට ඇතුළුවන සහ පිටවන බස් රථ සහ සැහැල්ලු වාහන ගාලු පාර ඔස්සේ බගතලේ පාර, ආර්.ඒ.ද මෙල් මාවත, බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල වටරවුම, තර්ස්ටන් පාර, ජේ.ඕ.සී. හංදිය, ග්ලාස් හවුස් හංදිය, නන්දා මෝටර්ස්, හෝර්ටන් වටරවුම, සොයිසා වටරවුම, ඩීන්ස් පාර, ටෙක්නිකල් හංදිය ද පෙරවරු 9 සිට කොල්ලුපිටිය හංදියෙන් පිත්තල හංදිය, කොම්පඤ්ඤ වීදිය හරහා ද ගමන් කිරීමට ඉඩ ලබාදේ.
එම වාහනවලට ඕල්කට් මාවත, ටෙක්නිකල් හංදිය, මරදාන පාලම හංදිය, ටී.බී.ජයා මාවත, ඉබ්බන්වල හංදිය, යුනියන් පෙදෙස, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්.ආර්.සේනානායක මාවත, කන්නංගර මාවත, නන්දා මෝටර්ස් හංදිය, නිදහස් වටරවුම, රීඩ් මාවත, තුම්මුල්ල වටරවුම, බෞද්ධාලෝක මාවත, ආර්.ඒ. දමෙල් මාවත, ගාලු පාර ඔස්සේ පිටවීමට හැකි බව පොලිසිය සඳහන් කරයි.


