(අංජුල මහික වීරරත්න)
ජාතික නිදහස් සම්මාන පෙළපාළිය කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඇරඹිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් සම්මාන පෙළපාළිය පවත්වනු ලබයි.
මෙවර නිදහස් දින සම්මාන පෙළපාලියට සහභාගී වූයේ ජාතික කොඩිය රැගත් හෙලිකොප්ටර යානා තුනක් පමණි.
පොලිසිය සහ ආරක්ෂක හමුදා නිලධාරීන් 4345කින් ආචාර පෙළපාළිය සමන්විත වන අතර පෙළපාළියට සහභාගී වන සම්පූර්ණ රථ සංඛ්‍යාව හතක් පමණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)