නිදහස් ලක් මවට 65යි


ශ්‍රී ලංකාවේ 65වැනි නිදහස් දිනය වෙනුවෙන් අද දිවයින පුරා විවිධ උත්සව සංවිධානය කැර තිබේ. ජාතික දින ප්‍රධාන සැමරුම් උත්සවය අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී පැවැත්වේ. නිදහස සමරමින් විවිධ ආගමික උත්සව ගණනාවක් ද සංවිධානය කැර ඇත. ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලයට මහ වැසි ඇදුහැළුණු අතර මේ දක්වාම වැසි පවතින බව ද දැනගන්නට ඇත.