ශී‍්‍ර ලංකාවේ පැසිපන්දු කී‍්‍රඩාව නව මාවතකට ගෙන යමින් ප‍්‍රථම වරට නිදහස් රටාවේ පැසිපන්දු තරගාවලියක් පැවැත්වීමට ‘ෆ‍්‍රී ස්ටයිල්’ පැසිපන්දු කී‍්‍රඩා සමාජය කටයුතු සූදානම් කර තිබේ.
මෙම තරගාවලිය මේ වසරේ පෙබරවාරි මස 15, 16, 17 දින වල කොළඹ හෙන්ද්‍රි පේදිරිස් පැසිපන්දු කි‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය 3 - 3 තරගාවලිය, ස්ලම් ඩන්ක්ක් තරගය සහ තී‍්‍ර පොයින්ට් තරගය ලෙසින් ඉසව් 3 කින් සමන්විතය.
මෙම තරගාවලියට සහභාගී වන සියලූම කණ්ඩායම් මිශ‍්‍ර කණ්ඩායම් විය යුතු අතර පිටිය තුළදී සෑම විටම එක් කණ්ඩායමකට අඩුම වශයෙන් කී‍්‍රඩකයින් දෙදෙනෙකු සහ කී‍්‍රඩිකාවන් දෙදෙනෙකු කී‍්‍රඩා කළ යුතුය.
තරගාවලියට සහභාගී වන කණ්ඩායම් ජනවාරි 31 වැනිදාට පෙර www.hscblus.com වෙබ් අඩවිය තුළ ලියාපදිංචි විය යුතුය. නැතහොත් ඊට අදාළ අයදුම්පත් කොළඹ හෙන්ද්‍ර පේදිරිස් පැසිපන්දු කි‍්‍රඩාංගණයෙන් ලබාගත හැක.
ශූරයින් සඳහා පිරිනමනු ලබන කුසලාන වලට අමතරව තරග ඉසව් 3 වෙනුවෙන් වෙන වෙනම මුදල් ත්‍යාග පිරිනැමීමට ද සංවිධායක කමිටුව සූදානමින් සිටී.

