නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සලකන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා අම්බලන්ගොඩ රන්දොඹේ ඉපැදී රන්දොඹේ මෙතෝදිස්ත පාසලින් (දම්නද විද්‍යාලය) මූලික අධ්‍යාපනය ලැබීය. එතුමන්ගේ 130 වැනි ජන්ම දින ගුණානුස්මරණය වෙනුවෙන් විදුහල්පති නලින්ද මහතා ගුරුවරුන්ගේද සහයෙන් අනුස්මරණ පෙරහරක් පැවැත්විය.
පාසලේ සිට මේ පෙරහර සංඝරාජ විහාරයට පැමිණියේය. විහාරාධිපති කොස්ගොඩ සුභූති නාහිමියෝ කන්නන්ගර මැතිතුමාට පිං අනුමෝදන් කළහ.

