නිදහස් අධ්‍යාපනය රකින්න පේරාදෙණි සිසුහු පාරට බසිති


ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරිමට යෝජනා කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආශු මාරසිංහ, චතුර සේනාරත්න වැනි අයගේ උසස් අධ්‍යපනය පිළිබඳ අනුකාරක සභා වාර්තාව පිළිගත නොහැකි කියමින් අද (17) පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ කිහිපයක සිසුහු පේරාදෙණිය ගලහ මං සන්දියේදි උද්ඝෝෂණයක යෙදුණහ.
වත්මන් රජය ජනවාරි 31 වැනිදා සිට හොර උපාධි කඩ සඳහා නීතිමය භාවය ලබා දිමට කටයුතු කරන බවත් ඉදිරියේදි නිදහස් අධ්‍යාපනය නැති කර දැමීමට කටයුතු සලසා ඇති බවත් ඔවුහු කියති.

5-(1) 6-(1) 9 simg_UG2-(1)