නිදහසට ඇවිත් නිදහසේ උතුරට යති


ශ්‍රී ලංකාවේ පදිංචිය නොමැති විදේශ තානාපතිවරු 35 දෙනකු නිදහස් දිනට පෙරදින ශ්‍රී ලංකාවට පැමිණ යාපනයේ සංචාරයක නිරත වූහ.

ශ්‍රී ලංකාවේ 68 වැනි නිදහස් උළෙලට සහභාගීවීම සඳහා ආරාධනා ලැබ මෙරටට පැමිණි අවස්ථාවේ ඔවුහු එහි ගිය අතර උතුරු පළාත් සභා ආණ්ඩුකාර කාර්යාලය සංචාරය සංවිධානය කර තිබිණි.

විදෙස් තානාපතිවරු සමග උතුරු පළාත් ආණ්ඩුකාර චන්ද්‍රසිරි පළිහක්කාර මහතා සහ යාපනය දිසාපතිද බදාදා සාකච්ඡා පැවැත්වූහ.