කෑගල්ලේ පැවැති 66 වැවි නිදහස් දින සැමරුම් උළලේ සම්මාන පෙළපාළියට සහභාගී වූ පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 635 දෙනකුට දින තුනක නිවාඩුවක් දීමට පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා තීරණය කර ඇත.
මසක පමණ පුහුණුවීම් කටයුතු වලදී දැක්වූ දායකත්වය හා සමරු උළෙල වෙනුවෙන් සිදුකළ සේවය අගයමින් එසේ නිවාඩු දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

